by Staff writer 13-10-2020 | 7:58 AM
COLOMBO (News 1st) - ධීවර කටයුතුවල නිරතවීමේදී කිසිදු අවස්ථාවක විදෙස්ගත ධීවරයින් සහ නාවිකයින් සමග සබඳතා නොපවත්වන්නැයි, ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ඒ, පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.
ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා ප්‍රකාශ කළේ, දැනුම් දී ඇති කරුණු උල්ලංඝණය කළහොත්, ඉදිරියේදී ධීවර කර්මාන්තය ආශ්‍රිතව යම් සීමාවන් සිදු කිරීමට සිදුවිය හැකි බවයි.