by Staff writer 13-10-2020 | 10:50 AM
COLOMBO (News 1st) - පූගොඩ පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවෙකු රෝගාතුර වී රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මියගොස් ඇති සැකකරු 21 හැවිරිදි වියෙහි පසුවූ මාන්ඩාවෙළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු මිය යාම පිළිබඳව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.