''20 ප්‍රජාත්නත්‍රවාදයට මරු පහරක්''

''20 සම්මත නොකරන්න..'' අමරපුර - රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව අවධාරණය කරයි

by Staff writer 12-10-2020 | 3:04 PM
COLOMBO (News 1st) : 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මිනිස් චින්තනයේ නිදහසටත් ක්‍රියාකාරීත්වයටත් බරපතළ ලෙස බාධා කරන නොදියුණු ගෝත්‍රික සමාජයකට ආපසු ගමන් කරන, නීති සම්මතයක් බව තහවුරු වූ හෙයින් එය සම්මත නොකරන ලෙස ආණ්ඩුවට අවධාරණය කිරීමට ශ්‍රී ලංකා අමරපුර, රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව තීරණය කර තිබේ. මෙම නිකාය දෙකෙහි මහා ලේඛකාධිකාරී හිමිවරුන් රැස්වී ගනු ලැබු තීරණය දැනුම් දුන්නේ මීට ටික වේලාවකට පෙර අවසන්වූ මාධ්‍ය හමුවේදී ය. https://www.youtube.com/watch?v=zBYNa_4VQms&feature=youtu.be https://www.youtube.com/watch?v=T7bmQTeaihU