මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් ගණන 1307ක්

මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් ගණන 1307ක් දක්වා ඉහළට

by Staff writer 12-10-2020 | 12:18 PM
COLOMBO (News 1st) : මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1307 ක් දක්වා ඉහළ ගියේ ය. ඒ ඊයේ තවත් ආසාදිතයින් 121 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඔවුන් සියලු දෙනා මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රීතයින් ය. මීට අමතරව විදේශයන්හි සිට පැමිණි තිදෙනෙකු ද කොරෝනා අසාදිතයින් ලෙස හඳුනා ගැනිණ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 4752 කි. මේ වන විට ආසාදිතයින් 1432 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 3307 ක් බව සෞඛ්‍යය අමාත්‍යාංශය සඳහන් කළේ ය. මේ අතර ආශ්‍රිතයින් හඳුනා ගනිමින් PCR පරීක්ෂණ වෙත යොමු කිරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ය.