by Staff writer 12-10-2020 | 2:32 PM
COLOMBO (News1st) මිනුවන්ගොඩ පොකුරෙන් තවත් කොරෝනා ආසාදිත ආශ්‍රිතයින් 39 දෙනෙකු අද හඳුනා ගැනිණ.
ඒ අනුව, මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1346 කි.
අලුතින් හඳුනා ගැණුනු ආසාදිතයින් 39 දෙනාගෙන් 25 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටි ආශ්‍රිතයින් හෝ කාර්ය මණ්ඩලය සාමාජිකයින් ය.
සෙසු 14 දෙනා ආශ්‍රීතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 4791 කි.
මේ වන විට ආසාදිතයින් 1461 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 3317 ක් බව සෞඛ්‍යය අමාත්‍යාංශය සඳහන් කළේ ය.