by Staff writer 12-10-2020 | 6:00 PM
COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ආයතනික සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ මෙහෙයුම් සේවකයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි සනාථ වී ඇති බවයි.
ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙක් බව ද එම ආයතනය පවසයි.
වෛරසය වැළඳී ඇති කාර්ය මණ්ඩල සාමාජිකයා සමග රාජකාරි කළ සේවකයින් 50 දෙනෙකු ද PCR පරීක්ෂණවලට ලක් කර ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින බව ශ්‍රීලංකන් ගුවන් සමාගම නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.
සමාගම සඳහන් කළේ, ආයතනය තුළ වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රජයේ කොවිඩ් 19 සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශයන්ට අනුව සෑම පියවරක්ම ගෙන ඇති බවයි.