by Staff writer 11-10-2020 | 4:17 PM
COLOMBO (News 1st): කොරෝනා ව්‍යාප්තියත් සමග උසස් පෙළ විභාග මධ්‍යස්ථානයන්හි පහසුකම් සැපයීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ස්ථාන භාර අතිරේක ශාලාධිපතිවරයෙකු පත්කර ඇතැයි විභාග දෙපාර්තුමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, විභාග මධ්‍යස්ථානයන්හි පහසුකම් සැපයීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සමග සම්බන්ධ වී විභාග මධ්‍යස්ථාන පරිශ්‍ර තුළ විෂබීජහරණ කටයුතු හා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද සිදුකිරීමේ කටයුතු සඳහා අදාළ ස්ථාන භාර අතිරේක ශාලාධිපතිවරයා පත්කර ඇති බවයි.
ඒ සඳහා පත්කර ඇත්තේ, අදාළ විභාග මධ්‍යස්ථානවලට අදාළ විදුහල්වල විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති හෝ ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙකි.