දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි...

දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි...

by Staff writer 11-10-2020 | 8:01 AM

COLOMBO (News 1st) - දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 75 ඉක්ම වූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පැවසුවේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති බව බවයි. උතුර පළාතෙත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවීමේ හැකියාව පවතිව බව ඇය පැවසුවාය. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රීයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය පැවසුවා ය.