චීනයෙන් ශ්‍රී ලංකාවට රු. බිලියන 16.5ක ප්‍රදානයක්

චීනයෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 16.5ක වටිනාකමින් යුත් යුවාන් මිලියන 600ක ප්‍රදානයක්

by Chathuranga Rajapaksha 11-10-2020 | 5:59 PM
COLOMBO (News 1st): මහජන චීන සමුහාණ්ඩුව විසින් ශ්‍රී ලංකාවට යුවාන් මිලියන 600ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 16.5) මුදලක් ආධාර වශයෙන් ලබා දී තිබෙන බව මෙරට චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිතුක් කරමින් පවසයි. මෙලෙස ලබා දුන් ආධාර මුදල පශ්චාත්-කොවිඩ් කාලය තුළ ග්‍රාමීය පළාත්වලට වෛද්‍යය පහසුකම් ලබා දීම, අධ්‍යාපනය සහ ජල සම්පාදනය ආදී මූලික කාරණාවලට භාවිතා කිරීමට දෙපාර්ශවය එකඟ වී තිබෙන බව ද එම නිවේදනයේ දැක්වේ. මේ අතර චීනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500 ක සහන ණයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ගිවිසුමක් අත්සන් කරන බව, සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ චීන දූත පිරිස අතර පැවති සාකච්ඡාවලදී මෙම කටයුතු අවසන් කර ඇති බව එම පුවත්පතේ දැක්වේ. භාණ්ඩාගාර නිලධාරීන් පැවසුවේ වසර 10 ක කාලයක් තුළ ණය ආපසු ගෙවීමට නියමිතව ඇති බවය. ඒ අනුව, අදාල සහන ණය බොහෝ දුරට කෝවිඩ් තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යොදා ගැනීමට ඉඩ ඇති බව සඳහන් වේ. https://youtu.be/73vLhycjgC8