චීනයෙන් අ. ඩො. මිලියන 500ක සහන ණයක්?

චීනයෙන් අ. ඩො. මිලියන 500ක සහන ණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ගිවිසුමක් අත්සන් කරයි?

by Staff writer 11-10-2020 | 5:14 PM

COLOMBO (News 1st): චීනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500 ක සහන ණයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ගිවිසුමක් අත්සන් කරන බව, සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ චීන දූත පිරිස අතර පැවති සාකච්ඡාවලදී මෙම කටයුතු අවසන් කර ඇති බව එම පුවත්පතේ දැක්වේ. භාණ්ඩාගාර නිලධාරීන් පැවසුවේ වසර 10 ක කාලයක් තුළ ණය ආපසු ගෙවීමට නියමිතව ඇති බවය. ඒ අනුව, අදාල සහන ණය බොහෝ දුරට කෝවිඩ් තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව ඇති ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා යොදා ගැනීමට ඉඩ ඇති බව සඳහන් වේ.