ආසාදිතයින් ඉහළ යාම සමාජ පැතිරීමක්ද ?

කොරෝනා ආසාදිතයින් ක්ෂණිකව ඉහළ යාමෙන් අදහස් වන්නේ සමාජ පැතිරීමක්ද?

by Staff writer 11-10-2020 | 6:46 PM

COLOMBO  ( News 1st ) :

 

ආසාදිතයින් ක්ෂණිකව ඉහළ යාමෙන් අදහස් වන්නේ සමාජ පැතිරීමක්ද ?

වැඩබලන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා

මේක බලාපොරොත්තු වෙන තත්ත්වයක් . බැලුවාම පේනවා අති විශාල සංඛ්‍යාවක් එකවර දකිනවා . ඊට පස්සේ බලාපොරොත්තු රහිත ප්‍රමාණයකට පහළට බහිනවා එහෙමත් නැත්තම් ආය යම් ප්‍රමාණයකට ඉහළට නගිනවා . මේක වෙන්න හේතුව තමයි යම් කෙනෙකුගෙන් රෝගය බෝ වුණාම මුලදී අපි මේ පොකුර හඳුනා ගන්නකොට ආසන්නයෙන් ඉන්න සියලු දෙනාම ඒ අදාළ අයගේ PCR පරීක්ෂණ කරපුවාම ඒ සියල්ලම හමුවෙනවා. ඊට පහුවදා කරන ඊළඟ ආශ්‍රිතයින්ට වෛරසය ශරීර ගතවී තිබුණත් PCR පරීක්ෂණයික් ඊළඟට හෙළිවෙන්නේ ටිකක් දවස් කිහිපයකට පස්සේ අපට අවසානයේදී මේක රෝගීන් හමුවන්නේ ටිකක් ප්‍රමාද වෙලා. ඒ නිසා ඉදිරි සමහරවිට සති කිහිපයක් මාසෙකට වැඩිය අනිවාර්යෙන්ම ගත වෙනවා. ඒ කාලසීමාව තුළ මේක අඩු වැඩි වශයෙන් රෝගීන් හමුවීම වෙනවා.

මෙවර වර්තා වෙන කොරෝනා වෛරස් කාණ්ඩය දැඩි ආක්‍රමණශීලී බවක් දක්වනවාද ?

වැඩබලන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා
අපි පිළිගන්නවා මේ වෛරසයේ හැසිරීම අනිත් අයට වඩා පොඩ්ඩක් වෙනස් බව හැබැයි මේ මොහොත වෙනකොට ඒක වෙනත් වෛරස් වර්ගයක්ද වෛරසයේ ආක්‍රමණශිලී බව අඩු වැඩිවීමක්ද කියන එක පිළිබඳව ක්ෂුද්‍රජීවි විශේෂඥයින් විසින් කරන පරීක්ෂණවලින් අපට දැනුම් දෙන්න ඕන මේ මොහොත වෙනකොට අපට ඒ පිළිබඳව ස්ථිර තොරතුරු ලැබිලා නෑ.

කැලණි සරසවියෙන් ආසාදිතයෙක් ?

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවියෙකුටත් කොරෝනා ආසාදනය වී තිබේ. ඇය සමාජ විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන සිසුවියකි.

හොරණ රෝහලේ නවතම තත්ත්වය ?

හොරණ මුලික රෝහලේ වාට්ටු අංක 5 වසා දමා ඇති අතර වාට්ටු අංක නමය හුදකලා කිරීමට සිදූවූයේ හෙද නිලධාරිනියක ආසාදිතයෙකුවීම හේතුවෙනි. කෙසේ වෙතත් එම රෝහල භාර වෛද්‍ය අධිකාරී අයන්ති ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, එම නිලධාරිනියගේ පළමු පෙළ ආශ්‍රිතයින් සියලුදෙනාම අසාදිතවී නොමැති බවට පී.සී.ආර් වාර්තාවලින් සනාථ වූ බවයි.

අයෝජන කලාපවලින් ආශ්‍රිතයින් වාර්තාවීම ඉහළ යෑමේ අවදානමක් තිබේද ?

වැඩබලන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා
කර්මාන්ශාලා ආශ්‍රිතව තියන දේ පාලනය කිරීම වඩාත්ම පහසු තත්ත්වයකින් තියනවා මොකද අපි දන්නවා දැන් ප්‍රශ්නයක් තියනවා කියලා මේක වෙනදාටත් වඩා හොඳ පාලනයකින් යුතුව මේකට මුහුණ දෙන්න අපට පුළුවන්කම තියනවා. බය නැතුව අපට කියන්න පුලුවන් තත්ත්වය පාලනය කිරීමට පුළුවන් තත්ත්වයකයි තියෙන්නේ .

තාවකාලිව සීමා පැනවූ යාපනයේ දූපත්වල තත්ත්වය ?

කොරෝනා ආසාදියන් බවට සැක සහිත පුද්ගලයින් දෙදෙනෙකු හමුවූ අනලෙයිතිව් සහ කාරෙයි නගර් දූපත් සඳහා බල පැවැත්වූණු සීමා අද සිට ඉවත් කර තිබේ. ඒ අදාළ පුද්ගලයින් දෙදෙනා ආසාදිතයින් නොවන බවට තහවුරුවීමත් සමගයි

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට PCR පරීක්ෂණ ?

වෛරසය ආසාදිත බව හඳුනා ගැනීමට පෙර ආසදිත පුද්ගලයින් දෙදෙනෙකු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ වෙළෙඳසැල් 80 කට ගමන් කර තිබේ. මේ හේතුවෙන් පසුගිය 4 වැනිදා ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැල්වල සිටි පුද්ගලයින් හා ඊට පැමිණෙන ගොවීන් සඳහා අද PCR පරීක්ෂණ සිදුකෙරුණු අතර විෂබීජ හරණයක් සිදු කෙරිණි. ඒ , දඹුල්ල පොලීසිය , ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය හා දඹුල්ල මහ නගර සභාවේ දායකත්වයෙනි.