by Staff writer 11-10-2020 | 9:00 PM
COLOMBO ( News 1st ) : අපේ පුංචි රට ශ්‍රී ලංකාව ලෝකයේම කේන්ද්‍රයක් විදිහට වැදගත්ම රටකි. අපේ රටේ පිහිටීම නිසාම අපට ලැබිලා තියෙන මේ වැදගත්කම හේතුවෙන් ලෝක බලවතුන්ගේ උකුසු ඇසට නිරන්තරයෙන් ලක්වෙලා තියෙන රටකි.
මේ තත්ත්වය අපේ රටේ ස්වෛරීත්වයටත් බලපෑම් එල්ල වෙන තරම් ප්‍රබලයි.
රටක් විදිහට අපි රටේ ජනතාව මේ ගැන නිරන්තරයෙන් අවදානයෙන් සිටිය යුතු මේ නිසයි.
මෙරට අමෙරිකානු තානාපති කාර්යාල නිලධාරීන් පිරිසක් චීනයට අයිතිය පවරාදුන් හම්බන්තොට වරායේ සංචාරයක නිරත වීම ගැන අපි මීට පෙර වාර්තා කළෙමු.
කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක නිලධාරීන් පිරිසක් ඊයේ හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකයින් හා තවත් නියෝජිතයින් දෙදෙනෙක් මෙම සංචාරයට එක්ව සිටියහ.
මෙහිදී හම්බන්තොට වරායේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් රවී ජයවික්‍රම මහතා හා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි තිස්ස වික්‍රමසිංහ යන මහත්වරුන් හමුවු බව සඳහන් ය.
අමෙරිකානු තානාපති කාර්යාල නිලධාරීන්ගේ මෙම සංචාරය සිදුවූයේ චීනයේ ඉහළ පෙළේ දූත පිරිසක් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡා පැවැත්වෙන පසුබිමක ය.