English
தமிழ்
කර්තෘ Staff writer
11 Oct, 2020 | 8:17 am
ඒ, ඊයේ දිනයේ එම පොකුර ආශ්‍රිතව අසාදිතයින් 103 දෙනෙකු වාර්තාවීමත් සමගය.
එම 103 දෙනා අතරට කර්මාන්තශාලා කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු සහ අශ්‍රිතයින් 101 දෙනෙකු ඇතුළත් වේ.
මේ අතර කටුනායක ආයෝජන කලාපයේ පුද්ගලයින් 14 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් කර්මාන්ත ශාලා කළමනාකාරීත්වය ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් හා එක්ව ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.
මීට පෙර කටුනායක අයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලා 3 ක් තාවකාලිකව වසා දැමුණේ එම කර්මාන්ත ශාලාවල සේවකයින් තිදෙනෙකුට කෙරෝනා ආසාදනය වීම හේතුවෙනි.
මේ අතර කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයින් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, මේ හේතුවෙන් වාට්ටු 2 ක් සහ ශල්‍යාගාරයක් වසා දමා ඇති බවය.
සේවකයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ ද සිදු කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.
මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින් හඳුනාගැනීම සඳහා පී.සී.ආර් පරීක්ෂණ 26,000 ක් පමණ සිදුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, අදාළ කර්මාන්ත ශාලා සේවකයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ මේ වනවිට අවසන් කර ඇති බවය.
වහාම පී.සී.ආර් පරීක්ෂණ නොකිරීම පිළිබඳව මිනුවන්ගොඩ පොකුරේ ආශ්‍රිතයින් අතර බියක් හටගෙන ඇතැයි ද ඔහු පැවසුවේ ය.
තවදුරටත් පී.සී.ආර් පරීක්ෂණ නොකළ මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් ඇත්නම් සෞඛ්‍ය අංශ දැනුවත් කරන ලෙස ද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඉල්ලා සිටි.
මේ අතර වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා දැනුම් දෙන්නේ, නේවාසික රෝගීන්ගේ සුවදුක් බැලීම සඳහා රෝහල්වෙත යන පුද්ගලයින් සිය සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවයි.
ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 105 කි.
ඒ අතරට විදෙස්ගතව සිට පැමිණි දෙදෙනෙකු ද වේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 4628 ඉහළ ගියේ ය.
1309 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 3306 කි.
24 Apr, 2022 | 08:17 AM
15 Aug, 2021 | 06:29 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS