ශිෂ්‍යත්ව විභාගයට සියල්ල සූදානම්..

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට: ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලට විශේෂ වැඩපිළිවෙලක්

by Staff writer 10-10-2020 | 7:07 PM

COLOMBO (News 1st)  - කොරෝනා තත්ත්වය හේතුවෙන් මෙතෙක් පැවැත්වීමට නොහැකි වූ පාසල් දරුවන්ගේ ප්‍රධාන විභාග දෙක ඇරඹීමට සූදානම්ය.

ඒ අනුව 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය හෙට දිනයේත්, උසස් පෙළ විභාගය අනිද්දා සිටත් පැවැත්වීමට සියල්ල සූදානම් බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය. මධ්‍යස්ථාන 2936 කදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන අතර මෙවර අපේක්ෂකයින් සංඛ්‍යාව 3,31,694 කි. නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල විශේෂ වැඩපිළිවෙළක් යටතේ විභාග පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි විභාග ගොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ ය. ගම්පහ අධ්‍යාපන කලාපයේ සිසුන් 6000 කට ආසන්න ප්‍රමාණයක් 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයටත් සිසුන් 7000 ක් පමණ උසස් පෙළ විභාගයටත් පෙනී සිටීමට නියමිත ය. මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථාන 50 ක් සහ උසස් පෙළ විභාග මධ්‍යස්ථාන 37 ක් පිහිටුවා තිබේ.‍