ජ'පුර සරසවියේ සිසුවියකට කොරෝනා

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවියකට කොරෝනා: පානදුර රෝහලේ සේවකයින් PCR පරික්ෂාවට

by Staff writer 10-10-2020 | 4:07 PM

COLOMBO (News 1st) - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවියකට කොරෝනා ආසාදනය වී තිබේ.

එහි උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා සඳහන් කළේ, කළමනාකරණ පීඨයේ තෙවනි වසරේ ඉගෙනුම ලබන සිසුවියකට එලෙස කොරෝනා ආසාදනය වී ඇති බවයි. පානදුරේ පදිංචි ඇය ප්‍රතිකාර සඳහා අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට (IDH) ඇතුළත් කර ඇතැයි ඔහු සඳහන් කළේ ය. අදාළ සිසුවියගේ මව, පානදුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ හෙද නිලධාරිනියකි. පානදුර රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඒ හේතුවෙන් එම ඒකකයේ සේවයේ නියුතු සේවක සේවිකාවන් 20 කට ආසන්න පිරිසක් PCRපරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි.