"රේස් ද පර්ල්" පැය 24 පාපැදි තරගය සාර්ථකව අවසන්...

"රේස් ද පර්ල්" පැය 24 පාපැදි තරගය සාර්ථකව අවසන්...

by Staff writer 10-10-2020 | 3:48 PM

COLOMBO (News 1st) - තෙවැනි වරට සංවිධානය කර තිබූ "රේස් ද පර්ල්" පැය 24 පාපැදි තරගය පසුගිය දා සාර්ථකව අවසන් විය.

මෙම තරගයේ විශේෂත්වය පැය 24 ක් ඇතුළත කිලෝමීටර් 600 ක දුරක් පාපැදියෙන් යාමයි. මෙවර තරගය පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා පැවැත්වුණේ ඛාණ්ඩ දෙකක් යටතේය. තරගකරුවන් 49 දෙනෙකු ඊට එක් ව සිටි අතර විදෙස් ක්‍රීඩකයින් ද ඇතුළත් විය. සෝලෝ ඛාණ්ඩයෙන් තරග කළ ගිහාන් පුෂ්පකුමාර පැය 22 යි මිනිත්තු 2 යි තත්පර 59 කින් තරගය අවසන් කළේ නව වාර්තාවක් ද පිහිටුවමිනි. කාන්තා අංශයෙන් තරග කළ සුමේධා රත්නායකට තරගය අවසන් කිරීමට ගත වූ කාළය පැය 34 යි මිනිත්තු 34 කි. සහය කණ්ඩායම් තරග අංශයේ ජය රෙහාන්ස් කණ්ඩායමට හිමි විය. ජයග්‍රාහකයින්ට ජය සංකේත පිරිනැමුණේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. https://www.facebook.com/NewsfirstSL/videos/810686066362579/