මිනුවන්ගොඩ පොකුරේ බහුතරයකට රෝග ලක්ෂණ නැහැ

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ බහුතරයකට රෝග ලක්ෂණ නැහැ - සෞඛ්‍ය අංශ

by Staff writer 10-10-2020 | 8:14 AM

COLOMBO ( News 1st ) : මිනුවන්ගොඩ පොකුර ආශ්‍රයෙන් කොරෝනා ආසාදිතයින් 30 දෙනෙකු ඊයේ හදුනා ගැනුණි.

ඒ අනුව මිනුවන්ගොඩ පොකුරෙන් මේ වනවිට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 1083කි. මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4523 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආසාදිතයින් 3296 දෙනෙකු සුවය ලබා ඇති අතර තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 1214 කි. මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ රෝගීන්ගෙන් බහුතරයක් රෝගී ලක්ෂණවලින් තොරව වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.