ගම්පහ සැඟවුණු අසාදිතයින් 119 ක් සොයා මෙහෙයුම්

ගම්පහ සැඟවුණු කෙරෝනා අසාදිතයින් 119 ක් සොයා මෙහෙයුම්

by Staff writer 10-10-2020 | 6:39 PM

COLOMBO (News 1st) - ගම්පහ දිස්ත්‍රික්කයේ කෙරෝනා අසාදිත පුද්ගලයින් 119 දෙනෙකු සැඟව ඇතැයි දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, එම අසාදිතයින් සොයා ආරක්ෂක අංශ සමග එක් ව මෙහෙයුම් ක්‍රියාත්මක බවයි. අදාළ ආසාදිතයින් ලබාදී ඇති ලිපිනයන් සම්බන්ධයෙන් ගැටලු මතුවී ඇතැයි ද සුනිල් ජයලත් මහතා පැවසුවේ ය. ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා,
අද වෙනකොට ගම්පහ දිස්ත්‍රික්කයේ පී.සි.අර් පරීක්ෂණ 5357 ක් කරලා තියනවා. තව රිපෝට් ලැබෙන්න තියනවා අද වෙනකොට 1770 ක. පොසිට්ව් විච්ච රිපෝට් තියනවා 970 ක්. අපට මේ වනවිට පොසිට්ව් විච්ච පිරිසෙන් 119 ක් හඳුනා ගැනීමේ කටයුතු ඒ කියන්නේ හොයා ගැනීමේ කටයුතු කරන්න වෙලා තියනවා. විශේෂ වැඩසටහනක් ආරක්ෂක අංශත් සම්බන්ධ කරගෙන කරනවා. ඊයේ වෙනකොට ඒක 200 ගණනක් තිබුණා 250 කට වැඩි සංඛ්‍යාවක් අද වෙනකොට ඒක 119 ක් දක්වා අඩුවෙලා තියනවා