මාස 10ක බිළිඳෙකුට කොරෝනා

රිජ්වේ ආර්යා ළමා රෝහලේ මාස 10ක බිළිඳෙකුට කොරෝනා

by Staff writer 09-10-2020 | 11:29 AM

COLOMBO ( News 1st ) : රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 10 ක් වයසැති බිළිඳෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, මේ වනවිට අදාළ දරුවා IDH රෝහලට යොමුකර ඇති බවයි. ඊට අමතරව රෝහලේ ප්‍රතිකාර ලබන දරුවෙකුගේ පියෙකුටත් කොරෝනා ආසාදනය වී ඇතැයි වෛද්‍ය ජී. විජේසුරිය මහතා පැවසුවේ ය.