මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1069 ක් දක්වා ඉහළට

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1069 ක් දක්වා ඉහළට

by Staff writer 09-10-2020 | 6:57 PM

COLOMBO (News 1st) - මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 1069 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, අද දිනයේදී ඒ ආශ්‍රිතව ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. බ්‍රැන්ඩික්ස් සේවකයින් දෙදෙනෙක්, ආශ්‍රිතයින් 11 දෙනෙකු සහ අශ්‍රිතයින් විය හැකි බවට සැකකෙරන තිදෙනෙක් එම 16 දෙනාට අයත්ය.