තිසර හා චන්දිමාල් මේජර්වරුන් ලෙස අධිකාරියට පත් කරයි

by Staff writer 09-10-2020 | 6:33 PM

COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයින් දෙපළක් වන තිසර පෙරේරා හා දිනේෂ් චන්දිමාල් අද ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මේජර්වරුන් ලෙස අධිකාරියට උසස් කර තිබේ.

ඒ, අද ( 09 ) යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් පෙරවරුවේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේදීය. තිසර පෙරේරා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්වේච්ඡා බලකායට ගජබා රෙජිමේන්තුවේ (GR) මේජර්වරයෙකු වශයෙනුත් දිනේෂ් චන්දිමාල් යුධෝපකරණ බලකායේ (SLAOC) මේජර්වරයෙකු වශයෙනුත් ලෙස සේවය සපයනු ඇති. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්වේච්ඡා බලකායේ සේනා විධායක මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය මහතා යුද උපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ලක්ෂ්මන් ප්‍රනාන්දු යන නිලධාරීන් ද සහභාගී විය. තිසර පෙරේරා හා දිනේෂ් චන්දිමාල් පසුගිය වසරේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව හා එක් වූ අතර ඊට අදාළ පුහුණුව ද ලබා මෙතෙක් උපපන්න නිලධාරීන් ලෙස කටයුතු කළේ ය.