by Staff writer 09-10-2020 | 3:25 PM
COLOMBO (News 1st) - පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් කටයුතු සහ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පාරිභෝගික සේවා කටයුතු ලබන 17 වැනි දා දක්වා අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
තැපැල් දෙපාර්තුමේන්තුව පැවසුවේ, මධ්‍යම තැපැල් හුවමාරුව හරහා ව්‍යාපාරික තැපැල් සේවා ලබාගන්නා ආයතන, සිය භාණ්ඩ තැපෑලට යොමු කිරීම සඳහා එම දෙපාර්තුමේන්තුවේ වාණිජ අංශයේ සහකාර අධිකාරි අමතා සුදුසු වේලාවක් වෙන්කරවා ගතයුතු බවයි.
මේ සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳ බලවත් කණගාටුව ප්‍රකාශ කරන බව ද තැපැල් දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.