කොළඹ නගර සභාවේ මහජන දිනය අත්හිටුවයි

කොළඹ නගර සභාවේ මහජන දිනය තාවකාලිකව අත්හිටුවයි

by Staff writer 09-10-2020 | 2:53 PM

COLOMBO ( News 1st ) : කොළඹ නගර සභාවේ මහජන දිනය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් කොළඹ මහ නගර සභාව සඳහන් කළේ, ගම්පහ පදිංචිකරුවන් රාජකාරී සඳහා ගෙන්වා ගැනීම ද නතර කළ බවයි. කොළඹ නගරයේ ජනතාව ඒකරාශී වන උත්සව සහ සැණකෙළිද අත්හිටුවා ඇත්තේ ළමා උද්‍යාන, ක්‍රීඩාංගණ , කායවර්ධන මධ්‍යස්ථාන මෙන්ම පිහිනුම් තටාක ද වසා දමමින් ය. අත්‍යවශ්‍ය සේවාවක් සඳහා පමණක් සිය කාර්යාලයට පැමිණෙන්නැයි කොළඹ මහ නගර සභාව ජනතාවට දැනුම් දෙයි.