ගම්පහ ඖෂධ බෙදා හැරීම Online ක්‍රමයට..

Online ක්‍රමයට ගම්පහ දිස්ත්‍රික්කයේ ඖෂධ බෙදා හැරීමේ වැඩපිළිවෙළක්

by Staff writer 08-10-2020 | 8:16 AM

COLOMBO (News 1st) – පෞද්ගලික ඔසු සැල් හරහා ගම්පහ දිස්ත්‍රික්කය තුළ ONLINE ක්‍රමයට ඖෂධ බෙදා හැරීමේ වැඩපිළිවෙළ අදින් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි බෝ නොවන රෝග ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ health.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බවයි. Online ක්‍රමයට ඖෂධ මිලදී ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ද ඇය පැහැදිලි කළා ය.