"වෛද්‍ය ජයරුවන්ව රජයෙන්ම දඩයම් කළා"

"වෛද්‍ය ජයරුවන්ව රජයෙන්ම දඩයම් කළා" - හිටපු ⁣සෞඛ්‍ය ඇමති රාජිත

by Staff writer 08-10-2020 | 7:15 PM

COLOMBO (News 1st) - වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ තනතුරින් ඉවත් කිරීම පිළිබඳව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද අදහස් පළ කර තිබේ.

සමගි ජන බලවේගයේ පා.ම. රාජිත සේනාරත්න මහතා,
මම පත් කරපු අපේ එම්.ආර්.අයි එකේ අධ්‍යක්ෂ ධුරය. දැන් අද එතුමාව අයින් කරලා තියනවා. නමුත් ඒ අධ්‍යක්ෂතුමා තනිකරම මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක. අපේ අග්‍රාමාත්‍යතුමත් එක්ක දේශපාලනයක හිටියේ. මාත් එක්ක පුද්ගලිකව හොඳයි. එතුමාගේ හොඳ කවුරුහරි දැක්ක නම් මම ඔහුව ගත්තා. ජයරුවන්ට පොඩි ප්‍රශ්නයක් තිබ්බා. ඔහුට ඇන්මිස්ටු ග්‍රේඩ් සුදුසුකම් තිබුන් නෑ. පරිපානයේ. ඒක හින්දා තමා මම ඔහුව වැඩබලන අධ්‍යක්ෂ ධූරයට පත් කළේ. පත් කළේ මොකද එම්.ආර්.අයි එකේ ඉතාමත් දුර්වල තත්ත්වයක් තිබුනේ. ඔහු ඒක හොඳට දියුණු කළා. ඔහු හැබැයි වෛද්‍යවරයෙක් හැටියට ප්‍රකාශ නිකුත් කළා. ඒ නිසා ඔහු ඒ ප්‍රකාශය කරාම ඒකට දැන් ආණ්ඩුව පෙන්නුවේ ඔක්කම කොරෝනා ඉවරයි දැන්. පී.සී.ආර් ටෙස්ට්වලට තිබුණ ටෙන්ඩර් පවා ආණ්ඩුව කැන්සල් කරා. ඒ රජයෙන්ම අද ඔහුව දඩයම් කරලා තියනවා. මං අහනවා GMOA එකෙන් දැන් මොකද කියන්නේ?
https://www.facebook.com/NewsfirstSL/videos/1800013766805587/