ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක්

මේ අභියෝගාත්මක අවස්ථාවේ සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න: බොරු ප්‍රචාරයන්ට නොරැවටෙන්න - ජනපති ඉල්ලයි

by Staff writer 08-10-2020 | 4:41 PM

COLOMBO (News 1st) - COVID-19 උවදුර මුළු ලෝකයම වෙලාගත් මොහොතක ශ්‍රී ලාංකික ජාතියේ ශක්තිමත් බව විදහාලමින් අපි එය මර්දනය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිතුමා පැවසුවේ, අද වනවිට COVID-19 නැවත අප රට තුළ හිස ඔසවා ඇති බවය. පෙර සේම අපගේ සෞඛ්‍ය, ආරක්ෂක සහ අනෙකුත් සේවා අංශ මෙම උවදුරෙන් අප බේරා ගැනීම සඳහා සියලු කටයුතු සිදු කරනු ලබන බව ජනාධිපතිතුමා පැවසීය. මේ අභියෝගාත්මක අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති උපදෙස් පිළිපදින ලෙසත් ඇතැම් පාර්ශවයන් විසින් බෙදාහරිනු ලබන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී පිළිගත හැකි රාජ්‍ය තොරතුරු සේවාවලින් අවශ්‍ය තොරතුරු ලබා ගන්නා ලෙසත් ජනාධිපතිතුමා ජනතාවගෙන් ඉල්ලා සිටී.