ඇඳිරි නීතිය: බොරු තොරතුරු පැතිරූ අයෙක් අත්අඩංගුවට

ඇඳිරි නීතිය ගැන සමාජ මාධ්‍ය තුළ අසත්‍ය තොරතුරු පැතිර වූ 18 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට

by Staff writer 08-10-2020 | 9:04 PM

COLOMBO (News 1st) - ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂයක් ව්‍යාජ ලෙස භාවිත කරමින් ඇඳිරි නීතිය පිළිබඳව අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ 18 හැවිරිදි තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මීටියාගොඩ ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරු හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.