by Staff writer 08-10-2020 | 9:56 AM
COLOMBO (News 1st) – නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට අමතරව දිවයිනේ විවිධ දිස්ත්‍රික්ක වලින් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
දින දෙකකට පෙර කළ පරීක්ෂණවලින් එම ආසාදිතයින් හඳුනාගෙන ඇතැයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.
යුද හමුදාපතිවරයා පැවසුවේ, මාතලේ, අම්පාර , බදුල්ල, අනුරාධපුර කුරුණෑගල , මොණරාගල වැනි දිස්ත්‍රික්කවලින් මේ වනවිට කොරෝනා අසාදිතයින් වාර්තා වී ඇති බවයි.