ශිෂ්‍යත්වය හා උ/ පෙළ විභාග නියමිත දිනට පැවැත්වීමේ තීරණයක්

by Sagarika Chathumali 07-10-2020 | 2:26 PM
COLOMBO (News 1st) : සෞඛ්‍ය පියවරවලට යටත්ව නියමිත දිනට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට දැනට රජය තීරණය කර ඇතැයි, අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පවසයි. සෞඛ්‍ය පියවරවලට යටත්ව නියමිත දිනට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට දැනට රජය තීරණය කර ඇතැයි, අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා පැවසුවේ, විභාගය පැවැත්වීම සඳහා සෞඛ්‍ය අංශ හා ආරක්ෂ අංශවල උපදෙස් පරිදි විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බවයි. ගම්පහ දිස්ත්‍රික්කයේ විභාග අපේක්ෂකයින් සම්බන්ධයෙන් ගනු ලබන විශේෂ ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී අදහස් පළ විය. ගම්පහ දිස්ත්‍රික්කයේ විභාග මධ්‍යස්ථානවල සුරක්ෂත කරන බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ සිට වෙනත් දිස්ත්‍රිකක්වලට ත් වෙනත් දිස්ත්‍රික්කවල සිට ම්පහ දිස්ත්‍රික්කයටත් ගමන් කර විභාග අපේක්ෂකයින් වෙනුවන් විශේෂ ගමනාගමන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙනු ඇති. මේ වනවිට නිරෝධායනයට ලක්ව සිටින අපේක්ෂකයින්ට විභාගයට පෙනී සිටීම සඳහා ද විශේෂ මධ්‍යස්ථාන සකස් කර තිබේ. වෛරසයේ හැසිරීම අවිනිශ්චිත නමුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මානසික උනන්දුව, උද්යෝගය ඇතුළු අනෙකුත් සියලු සාධක සැලකිල්ලට ගෙන නියමිත පරිදි විභාග පැවැත්වීමේ තීරණයේ දැනට රජය පසුවන බව මාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසී ය. ලබන ඉරිදා (11) ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමට නියමිත අතර ඔක්තෝබර් 12 වන සඳුදා සිට නොවැම්බර් 6 වනදා දක්වා පැවැත්වේ. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග අපේක්ෂකයින් 331,000ක් පෙනී සිටීමට නියමිත අතර මධ්‍යස්ථාන 2936කදී එම විභාගය පැවැත්වෙනු ඇති. උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 362,000 ක් පෙනී සිටීමට නියමිත මධ්‍යස්ථාන සංඛ්‍යාව 2,648කි. https://www.youtube.com/watch?v=LQYJYUURk0Q&feature=youtu.be