වැලිසර කර්මාන්ත ශාලාවෙනුත් කොරෝනා ආසාදිතයෙක්

වැලිසර කර්මාන්ත ශාලාවෙන් හා කටුනායක ගුවන්තොටුපො⁣ළෙන් කොරෝනා අසාදිතයින් දෙදෙනෙක්

by Staff writer 07-10-2020 | 7:14 PM

COLOMBO (News 1st) - මිනුවන්ගොඩ, බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ අද දිනයේ 194 කට කොරෝනා අසාදනය වී ඇතැයි තහවුරු වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව දින 3 ක් තුළ එම කර්මාන්ත ශාලාවෙන් වාර්තා වූ අසාදිතයින් සංඛ්‍යාව 1026 කි. 739 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණු අතර එය මෙතක් දිනක් තුළ මෙරට වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි. මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් 8000 කට ආසන්න පිරිසක් මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව යුද හමුදාව පවසයි. එසේම වැලිසර බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ එක් අයෙකුට හා බණ්ඩානාරයක ගුවන්තොටුපොළේ පවිත්‍රතා අංශයේ සේවකයෙකුට ද කොරෝනා අසාදනය වී තිබේ. ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 4448 කි.