COLOMBO (News 1st) - මිනුවන්ගොඩ, බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන ගම්පහ ප්‍රදේශයේ පදිංචි හෝ නවාතැන්පොළවල්වල සිටින පුද්ගලයින්ට පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
මේ, ඒ පිළිබඳව පැහැදිලි කරන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා...
[audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2020/10/10-07-AJITH-ROHANA.mp3"][/audio]

මේ අතර මිනුවන්ගොඩ, බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ තව ත් 190 කට කොරෝනා අසාදනයවී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ය.
ඒ අනුව පසුගිය දින තුන තුළ එම කර්මාන්ත ශාලාවෙන් වාර්තා වූ අසාදිතයින් සංඛ්‍යාව 1022 කි.
මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 4442 දක්වා ඉහළ ගොස් තිබේ.