ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

බස්නාහිර පළාතේ වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

by Staff writer 07-10-2020 | 6:40 PM

COLOMBO (News 1st) - බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන 16 වැනි දා දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, මෙම කාලය තුළ කල් ඉකුත්වන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී ලබන මස 15 වැනි දා දක්වා දඩ මුදල් අය නොකරන බවයි. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් දැනට උද්ගතව ඇති තත්ත්වය මත මෙම පියවර ගෙන තිබේ.