'නේවි රුවන්' අත්අඩංගුවට

'නේවි රුවන්' අත්අඩංගුවට

by Staff writer 07-10-2020 | 5:58 PM

COLOMBO (News 1st) - 'නේවි රුවන්' යන අන්වර්ථ නාමයෙන් හැඳින් වූ පාතාලයට සම්බන්ධ පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

රාජ්‍ය බුද්ධි අංශය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක් ව සිදු කළ මෙහෙයුමකදී ඔහු අත්අඩංගුවට ගැනුණි. ඒ, කුරුණෑගල පහළ කොබෙයිගනේ ප්‍රදේශයේදීය. සැකකරු සතුව තිබී මත්කුඩු මිලිග්‍රෑම් 1820 ක්, වාහන දෙකක්, ජංගම දුරකතන 6 ක් සහ ව්‍යාජ වාහන බලපත්‍රයක් පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබේ. සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කිහිපයක් ද පවතින අයෙකි.