COLOMBO (News 1st) - කොරෝනා වෛරසය පැතිරීම මර්දනය කිරීම සඳහා මහජනතාව සතු තොරතුරු ලබාදීමට පොලිස්පති පාලක මැදිරියක් හා පොලිස්පති මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබේ.
පොලීසිය පැවසුවේ, එම මැදිරි සඳහා පහත සඳහන් දුරකතන අංක ඔස්සේ මහජනතාවට තොරතුරු ලබාදිය හැකි බවයි.
011 5 978 701 - 011 5 978 703 - 071 8 592 717 දුරකතන අංක හා 1933 යන සෘජු දුරකතන අංකය ඔස්සේ කොවිඩ් 19 පොලිස්පති පාලක මැදිරිය ඇමතීමට හැකිය.
එසේම 011 2 444 481 - 011 5 978 716 - 011 5 978 731 යන දුරකතන අංක ඔස්සේ කොවිඩ් 19 පොලිස්පති මෙහෙයුම් මැදිරිය ඇමතීමට හැකිවේ.
