කැලණිය,වික්‍රමාරච්චි ආයුර්වේදය හැර කිසිදු සරසවියක්

කැලණිය සරසවිය සහ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය හැර කිසිදු විශ්වවිද්‍යාලයක් තාවකාලිකව වසා නැහැ - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම

by Staff writer 07-10-2020 | 7:00 PM

COLOMBO (News 1st) - කොවිඩ් අවදානම තුළ කැලණිය විශ්වවිද්‍යාලය සහ ගම්පහ වික්‍රමාආරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය හැර වෙනත් කිසිදු විශ්වවිද්‍යාලයක් තාවකාලිකව වසා දමා නොමැති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල සිට විශ්වවිද්‍යාල වෙත පැමිණෙන විද්‍යාර්ථයින්ට දැනටමත් ක්‍රියාත්මක ඔන්ලයින් දේශන සඳහා සම්බන්ධය විය හැකි බව ඔහු පැවසීය.