by Staff writer 06-10-2020 | 9:54 PM
COLOMBO (News 1st) - බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (Medical Research Institute - MRI) වැඩබලන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එම ධුරයෙන් ඉවත් කර ඇතැයි අද වාර්තා විය.
ඒ අනුව, එම ධුරයට අලුතින් පත් කර ඇත්තේ එම ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය ප්‍රභාත් අමරසේකර මහතායි.
අප කළ විමසීමකදී වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පැවසුවේ, තමා අද සිට බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන බවය.