COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් හිටපු ඇමතිවරයාගේ සහෝදරයා මුදා හැරීම ගැන අද පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇති විය.
ඒ, සමගි ජනබලවේගයේ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා නැගූ ප්‍රශ්නයකට අදාළවයි.
සමගි ජන බලවේගයේ පා.ම චමින්ද විජේසිරි,
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ සිද්ධිය වෙලා ඔබ ආණ්ඩුව ආවට පස්සේ අපි දැක්කා හිටපු වගකිවයුතු ඇමතිවරයකුගේ සහෝදරයෙක් සෘජුව සම්බන්ධයි කියලා බෝම්බ රැගෙන ගියයි කියලා විවිධ ජනමාධ්‍ය තුළ පළ වුණා. ඒ වගේම මේ ආසන්න දිනයක කියනවා එහෙම දෙයක් නැ එතුමා නිදහස් කරන්න සිද්ධ වුනැයි කියන කාරණය මේ ප්‍රකාශ දෙක පරස්පරවීම සම්බන්ධයෙන් යම්කිසි වැඩපිළිවෙළක් තිබෙනවා ද? සමහරු කියනවා මේක දැන් අත්වැල් බැඳගැනීම සඳහා කටයුතු කරනවා කියලා.
ආරක්ෂක රාජ්‍ය ආමත්‍ය චමල් රාජපක්ෂ මහතා,
කිසිම සම්බන්ධයක් ආණ්ඩුවත් සමග නෑ මේ සැකකරුව 2019.04.21 වැනි දා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් පිපිරවීම සිදු කළ බෝම්බකරු සමග ඉන්ෂාෆ් අහමඩ් සමග 2019 වර්ෂයේ පවත්වන ලද ඇමතුම් 07 ක සම්බන්ධතාවයක් මත 20 යි 4 යි 14 වෙනිදා අත්අඩංගුවට අරගෙන තියෙනවා. පොලිස් අධිකාරීවරුයකුගේ ඉල්ලීම මත දින තුනක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ඇති ප්‍රතිපාදන අනුව දින තුනන් රඳවාගෙන ප්‍රශ්න කරලා තියෙනවා. තවදුරටත් මාස 3 කට වරක් මාස 18 දක්වා කාලයක් සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට ඇති ප්‍රතිපාදන අනුගමනය කරමින් ඇමතිවරයාට තමයි ඒ ප්‍රතිපාදන තියෙන්නේ උපරීමාස 03 බැගින් දෙවතාවක් රැඳවුම් නියෝග ලබාගෙන පරීක්ෂණ කරලා තියෙනවා. එසේ සිදු කරන ලද පරීක්ෂණවලදී මෙම සැකකරු බෝම්බ පිපිරවීම හා සහාය වී ඇති බවට හෝ ත්‍රස්තවාදී ක්‍රියා මෙතෙක් කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී නෑ. එබැවින් රැඳවුම් නියෝග අවලංගු කිරීම සඳහා අවශ්‍ය ලිපිගොනු සකස්කර 2020.09.08 වෙනි දින ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමු කරන සැකකරුව 29 වෙනි දින අධිකරණ වෛද්‍ය නිලධාරීවෙත ඉදිරිපත් කර මුදා හැරලා තියෙනවා. වෙනමම ඒකකයක් ස්ථාපිත කරලා තියෙනවා ඒ පිළිබඳව විමර්ශනය කරන්න. දුරකතන ඇමතුම් 18 ක් පමණ තියෙනවා. ඒ සියලුම දුරකතන ඇමතුම් අරගෙන තියෙන්නේ අමාත්‍යාංශයේ දුරකතන මගින් මේ ක්‍රියාවටම සෘජුව සම්බන්ධවෙලා නැති බවට ලබාගත්ත තොරතුරුත් විශ්වාස කරන්නේ ව්‍යපාරික කටයුතු අවසාන දුරකතන ඇමතුම අරන් තියෙන්නේ මේ සිද්ධ මාස 03 කට පෙර. විමර්ශන නතර කලා නෑ සමහර වෙලාවට තව ඉස්සරහදී තව තව අය අත්අඩංගුවට ගන්න පුළුවන්.
සමගි ජනබලවේගයේ පා.ම. චමින්ද විජේසිරි මහතා,
පොලීසිය පිළිබඳව විස්වාසය බිඳ වැටීමක් තිබෙනවා ඒ කටින්න ඒ වේලාවේම ඒ මාධ්‍යයෙන්ම කියනවා ඒ සිද්ධියට සම්බන්ධ නෑ කියලා. හරි බරපතලයි මොකද පුද්ගලයෙක් විදිහට ගත්තොත් ඒ පුද්ගලයාට විශාල අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා.
ආරක්ෂක රාජ්‍ය ආමත්‍ය චමල් රාජපක්ෂ මහතා,
අවසාන වශයෙන් මාස 18 තබාගන්න පුළුවන්නේ මාස තුනෙන් තුනට වැඩි කර කර එතකොට ඒ අයට තියෙන අයිතිවාසිකම් මොනවාද ඒ නිසා සෑහීමකට පත්වෙනවා නම් එහෙම කරන්න පුළුවන්. දැන් තවදුරටත් නියෝජ්‍ය පොලිසිපතිවරයකේ පත් කරලා ඒ සඳහාම නැවත වරක් පරීක්ෂණ කරගෙන යනවා.
සමගි ජනබලවේගයේ පා.ම. චමින්ද විජේසිරි මහතා,
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ඒ දෙබිඩි සහගත ක්‍රියාව දෙබිඩි ප්‍රකාශය පිළිබඳව විසඳා ගන්නා පිළිවෙළ කියන්න ඇමතිතුමනි කෙටියෙන්.
ආරක්ෂක රාජ්‍ය ආමත්‍ය චමල් රාජපක්ෂ මහතා,
මාධ්‍ය ප්‍රකාශකවරයාත් කරපු ඒ ප්‍රකාශය සුදුසු නෑ නමුත් එතුමා ප්‍රකාශයක් කරන්න තිබුනේ පොලිස් නිලධාරියෙක් හැටියට පරීක්ෂණයකින් පසුව මාධ්‍ය සංදර්ශනත් දානවගේ දේශපාලඥයෝ වගේ එකයි මේකේ නරක මේක ගැනත් සොයනවා.
මාධවේදී ප්‍රශ්නය,
ඉතාමත් තීරණාත්මක මාරුකිරීමත් සිද්ධ වුණා තවත් වැදගත් කාරණයක් සම්බන්ධයෙන්. සී.අයි.ඩී එකේ ප්‍රධානියා නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙත්තසිංහ. රියාද් බදියුදීන්, රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා නිදහස් කිරීමත් එක්ක එතන මොකක් හරි ජනාධිපතිතුමාගේ නියෝගයක් හෝ වෙන දේශපාලන මැදිහත්වීමක් මැදිහත්වීමක් තියෙනව ද?
සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා,
මෙය සම්පූර්ණයෙන්ම පොලීසියේ පරිපාලනය සම්බන්ධව තියන ප්‍රශ්නයක්. ඒ සම්බන්ධව තියන ප්‍රශ්නයක් සහ නීතිය සම්බන්ධ ප්‍රශ්නයක්. උසාවියට ගිහින් ඒ තත්ත්වයයි. ඒ ගැන මූලික වශයෙන් තමයි බලපාන පුද්ගලයින් තමයි සමහර විට පරිපාලන හේතු මත සම්බන්ධ වෙන්නේ.
මාධවේදී ප්‍රශ්නය,
ඔබතුමන්ලා කලින් ආණ්ඩුවට චෝදනා කළා, සී.අයි.ඩී එකේ ප්‍රධානීන් උපයෝගී කරගෙන තමයි සමහර පුද්ගලයන්ට නඩු පැවරුවේ කියලා. මෙතනදිත් ගැටලුවක් තියනවානේ, රියාඩ් බදියුදීන් කියන පුද්ගලයා මාස 6 ක් විතර ඩිටෙන්ශන් ඕඩර් මත රඳවාගෙන සිටියා. ඔහුව හදිසියේම නිදහස් කරනවා. වාර්තා වන ආකාරයට ඔහුගේ බිරිඳත් උදේ ගේට්ටුව ළඟට ඇවිල්ලා තියනවා ඔහුව රැගෙන යන්න. ඉතිං මේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය
සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා,
බොහොම පැහැදිලිව මම කියන්නම් ගරු ජනාධිපතිතුමා පසුගිය කාලයේ සිදු වූ ආකාරයට පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම හෝ පුද්ගලයින් අත්තනෝමතික විදිහට නිදහස් කිරීම්, බලය දේශපාලනඥයින් අතට පත් කිරීමට මා සූදානම් නැත. එය නිසි පරීක්ෂණවලින් පසු අදාල බලධාරීන් විසින් නීත්‍යානූකූලව ඉටු කරනු ඇත. ඒකට උත්තරේ බොහොම පැහැදිලිවම තියනවා.
මාධවේදී ප්‍රශ්නය,
පොලිස්පතිතුමාව පත් කරගන්න ඔබතුමන්ලට තියන තුනෙන් දෙකේ බලය අනුව කිසි ගැටලුවක් නැහැ. පාර්ලිමේන්තුව අනුමැතිය අනුව කරන්න පුළුවන්. නමුත් තාම ඉන්නේ වැඩබලන පොලිස්පතිවරයෙක්.
සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා,
මෙහෙමයි තුනෙන් දෙක ලැබුණු පලියටම සෑම දෙයක්ම ඒකට නතු කරන එක වැරදියි. මොකද ඒක කරන්න ක්‍රමවේදයක් තියනවා. 20 වන සංශෝදනය එනවා. ඒ සම්බන්ධව ඇති වන තත්ත්වයන්. ඒ ගැන තමයි අපි කතා කරලා තිබුණේ. ඒ තියන අපහසුකම් ඉවත් කරගෙන, ඒක මේ සති දෙක තුන ඇතුළත අවසන් වෙනවා. ඒ නීත්‍යුනූකූල විදිහට යන්න දෙන්න තියෙන්නේ.
https://www.facebook.com/NewsfirstSL/videos/344486206808454/