මිනුවන්ගොඩ ෆැක්ට්‍රියෙන් තවත් ආසාදිතයින් 124 ක්

මිනුවන්ගොඩ පොකුරේ කොරෝනා ආසාදිතයින් ගණන 832ක් දක්වා ඉහළට..

by Staff writer 06-10-2020 | 10:18 PM

COLOMBO (News 1st) - මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොවිඩ් පොකුරින් තව ත් කොරෝනා ආසාදිතයින් 124 දෙනකු හඳුනා ගෙන තිබේ.

ඒ අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, කොරෝනා ආසාදිතව මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවෙන් හඳුනාගත් මුළු සංඛ්‍යාව 832 ක් බවයි. මේ අතර සැඟවී සිටින හෝ සැක සහිත කොරෝනා රෝගීන්ට රැකවරණය දෙන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය පැවසීය. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් තොරතුරු සොයා බලන බවයි.