උත්සව නැවත දැනුම් දෙන තුරු පැවැත්විය නොහැකියි

ප්‍රියසම්භාෂණ ඇතුළු උත්සව නැවත දැනුම් දෙනතුරු පැවැත්විය නොහැකියි - සෞඛ්‍ය අමාත්‍යාංශය

by Staff writer 06-10-2020 | 3:57 PM

COLOMBO (News 1st) -  පවතින තත්ත්වය යටතේ මහජනතාව එක්රැස්වන කටයුතු සිදු නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.

ඒ අනුව ප්‍රිය සම්භාෂණ, සම්මන්ත්‍රණ, දේශන, ප්‍රදර්ශන, සංගීත සංදර්ශන, සැනකෙළි, සැමරුම් උත්සව, පෙළපාලි, පෙරහැර හා අත්‍යවශ්‍ය නොවන රැස්වීම් දිවයිනේ සියලු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු පැවැත්විය නොහැකිය. වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රිදරන් මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, රටේ දැනට පවතින තත්ත්වය අනුව කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට ගනු ලබන ක්‍රියාමාර්ගවලට මහජනතාව වගකිමෙන් යුතුව ක්‍රියාකරනු ඇතැයි අපේක්ෂා කරන බවයි. මෙම උපදෙස් ලබන 31 වැනි දා දක්වා බලාත්මක වන අතර නවතම තත්ත්වයන් අනුව එම කාල රාමුව වෙනස් විය හැකි බව ද වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දුන්නේ ය.