තුර්කි ෆෝර්මියුලා1 සඳහා ප්‍රේක්ෂකයින්ට ආරාධනා නැහැ

තුර්කි ෆෝර්මියුලා වන් තරගයට ප්‍රේක්ශකයන් ගෙන්වීමේ සැලසුම අතහරී

by Staff writer 06-10-2020 | 11:30 AM

COLOMBO (News 1st) - මේ වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව තිබෙන තුර්කි ෆෝර්මියුලා වන් ධාවන තරගය සඳහා ප්‍රේක්ෂකයන්ට ආරාධනා කිරීමේ සැලැස්ම අතහැර දැමූ බව එහි සංවිධායකයන් පවසයි.

ඒ කොවිඩ් 19 වසංගතය හේතුවෙනි. ලෝක ශූරතා ෆෝර්මියුලා ධාවන තරගාවලියේ අදියරක් ලෙස මෙම තුර්කි ෆෝර්මියුලා වන් ධාවන තරගය පැවැත්වේ. මෙවර ලෝක ශූරතාවලිය අදියර 17කින් පැවැත්වීමට සංවිධායකයින් සැලසුම්කර තිබූ නමුත් ඊට බාධා එල්ල වූයේ කොවිඩ් 19 වසංගතය හේතුවෙනි. මේ අතර ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත තුර්කි අදියර තරගය ලක්ෂයකට අධික ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් යුතුව පැවැත්වීමට සංවිධායකයින් සැලසුම්කර තිබූ නමුත් පවතින තත්ත්වය හමුවේ එලෙස සිදු නොකිරීමට ඔවුන් තීරණය කර තිබේ. තුර්කි ෆෝර්මියුලා වන් ධාවන තරගය නොවැම්බර් 13 වැනිදා සිට 15 වැනිදා දක්වා ඉස්තාන්බූල්හිදී පැවැත්වීමට නියමිතය.