ලයිසන් ඔෆිස් එක දින 3කට මහජනතාවට වැසේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දින 3කට මහජනතාවට වැසේ

by Staff writer 06-10-2020 | 6:19 PM

COLOMBO (News 1st) - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාල දින 3ක් මහජනතාවට විවෘත නොකරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් පවසයි.

ඔහු පැවසුවේ ඒ අනුව ඔක්තෝබර් 7, 8 සහ 9 යන දින තුන තුළ එම කාර්යාල මහජනතාවට විවෘත නොකරන බවය.