හෙරොයින් සමග මිත්තණියක සහ මිණිබිරියක කොටු

හෙරොයින් සමග මිත්තණියක සහ මිණිබිරියක අනුරාධපුර අධිකරණයේදී කොටු

by Staff writer 05-10-2020 | 4:28 PM

COLOMBO ( News 1st ) : හෙරොයින් පැකැට් 31 සමග මිත්තණියක සහ මිණිබිරියක අනුරාධපුර අධිකරණ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා අනුරාධපුර , ශ්‍රාවස්ථිපුර , තිඹිරිකඩවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ය. අනුරාධපුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.