by Sagarika Chathumali 05-10-2020 | 4:15 PM
COLOMBO (News 1st) : මේ වසරේ ලොව ධනවත්ම කාන්තා සුපිරි තරු ලැයිස්තුවේ ප්‍රමුඛ ස්ථානය දිනා ගැනීමට සොෆියා වර්ගාරා සමත්විය.
ජනප්‍රිය රංගන ශිල්පිනියක වන ඇය , රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදිකාවක , නිරූපිකාවක මෙන්ම නිවේදිකාවක ද වන්නී ය.
48 හැවිරිදි ඇය එම ලයිස්තුවට ඇතුළත් එකම ලතින් අමෙරිකානු කාන්තාව වීම ද විශේෂත්වයකි.
වර්ගාරා මේ වසරේදී ඉපැයූ මුදල සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් මිලියන 43 ක් ලෙසයි.
එම ලැයිස්තුවේ දෙවන ස්ථනාය සුපිරි හොලිවුඩ් නිලි ඇන්ජලීනා ජෝලීට හිමිවූවා ය.
ඇය දි එටර්නස්ල් ආදී චිත්‍රපටවල රඟපෑමෙන් මේ වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 35. 5 ක් උපයා ඇතැයි සඳහන් වේ.
සුපර් වුමන් චිත්‍රපටයේ රඟපෑමෙන් ලෝක ප්‍රසිද්ධියට පත් ගැල් ගැඩොට් මෙවර ලොව ධනවත්ම සුපිරි තරු ලැයිස්තුවේ තුන්වන ස්ථානය දිනාගත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 31. 5 ක් මේ වසරේදී ඉපැයීම හේතුවෙනි.
මෙම ලයිස්තුවට අයත් සෙසු කාන්තාවන් වන්නේ මෙලීසා මැකාර්ති, මෙරිල් ස්ට්‍රීප්, එමිලි බ්ලන්ට්, නිකෝල් කිඩ්මෑන් , එලන් පොම්පේයෝ සහ එලිසබෙත් මොස් යන අයයි.
කෙසේ වෙතත් මේ වසරේ වැඩිම ආදායම් ඉපැයූ සුපිරි තරු කාන්තාවගේ අදායම , මේ වසරේ වැඩිම ආදායම් ඉපැයූ සුපිරි තරු පුරුෂයාගේ ආදායමට අඩකටත් වඩා අඩු වීම විශේෂත්වයකි.
ඩ්වේන් ජොන්සන් මේ වසරේ ධනවත්ම සුපිරි තරු අතර ප්‍රමුඛස්ථානයේ පසුවන පුරුෂයා වන අතර ඔහුගේ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 87. 5 කි.
සොෆියා වර්ගාරාගේ ආදායම් , මේ වසරේ වැඩිම ආදායම් ඉපැයූ පිරිමි සුපිරි තරු ලයිස්තුවේ දහවන ස්ථානය දරන ජැකී චෑන්ට වඩා ස්වල්පයක් පමණක් වැඩි බව ද සඳහන් ය.