රට පුරා ඇඳිරි නීතිය ගැන පල වන වාර්තා සාවද්‍යයි

රට පුරා ඇඳිරි නීතිය ගැන පල වන වාර්තා සාවද්‍යයි - ජනාධිපති මාධ්‍ය අංශය

by Staff writer 05-10-2020 | 6:48 PM

COLOMBO ( News 1st ) : හෙට (06) රට පුරා ඇඳිරි නීතිය පනවා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවෙමින් පවතින සාවද්‍ය ප්‍රචාරයන්වලට නොරැවටෙන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි .

ජනාධිපති මාධ්‍ය අංශය හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යොමු කරන විශේෂ නිවේදන විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් පමණක් පල කර ජනතාව දැනුවත් කිරීම කටයුතු කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.