ලංකා කිව් ආර් කේතය හඳුන්වා දෙයි

මූල්‍ය ගනුදෙනු ඩිජිටල් ක්‍රමවේදයකට ලංකා කිව් ආර් කේතය හඳුන්වා දෙයි

by Staff writer 05-10-2020 | 10:14 PM

COLOMBO (News 1st) : මෙරට මුල්‍ය ගනුදෙනු ක්ෂේත්‍රය ඩිජිටල් ක්‍රමවේදය වෙත යොමු කරන ලංකා කිව් ආර් කේතය හඳුන්වාදීම අද සිදු කෙරිණි.

ඒ වෙනුවෙන් වූ උත්සවයක් අද ශ්‍රී ලංකා මහ බැංකුවේදී පැවැත්විය. මෙම අවස්වාට මැති ඇමතිවරුන්, මහ බැංකු නිලධාරීන් මුදල් අමාත්‍යංශ නිලධාරීන් මෙන්ම මුල්‍ය ක්ෂත්‍රයට සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන රැසක නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ. මෙතෙක් කාසි හා නෝට්ටු භාවිතයෙන් සිදු කළ ගෙවීම් පියවීම් කටයුතු ජංගම දුරකතන යෙදවුමක් හරහා සිදු කිරීමට අද හඳුන්වා දුන් නව තාක්ෂණික ක්‍රමය හරහා ජනතාවට අවස්ථාව හිමි වෙයි. ඒ තුළින් කාර්යක්ෂම, සුරක්ෂිත මෙන්ම අඩු පිරිවැයක් යටතේ ගෙවීම් පියවීම් සිදු කිරීමට හැකීවීම විශේෂත්වයකි.