තවත් දෙදෙනෙකුට කොරෝනා:කුරුණෑගලදී තහවුරු වෙයි

මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ තවත් දෙදෙනෙකුට කොරෝනා වැළඳී ඇතැයි කුරුණෑගලදී තහවුරු වෙයි

by Chathuranga Rajapaksha 05-10-2020 | 5:29 PM
COLOMBO (News 1st): දිවුලපිටියේදී සොයාගත් කොරෝනා ආසාදිත කාන්තාව සේවය කරන මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ තවත් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන බව යුද හමුදාපති ලුතිනල් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. කුරුණෑගල රෝහලේදී ඔවුන්ට කරන ලද පීසීආර් පරීක්ෂණ මගින් එය තහවුරු වූ බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. ඒ අනුව, මේ වනවිට මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 73ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව යුද හමුදාපති ලුතිනල් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.