මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ තවත් 69කට කොරෝනා

මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ තවත් 69කට කොරෝනා

by Sagarika Chathumali 05-10-2020 | 11:07 AM
COLOMBO (News 1st) : මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ තවත් සේවකයින් 69 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇතැයි, යුද හමුදාපතිවරයා පවසයි. දිවුලපිටියෙන් හමුවූ කොරෝනා ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවල මෙතක් ප්‍රතිඵල ලැබී ඇති PCR පරීක්ෂණවලින් මෙම ආසාදිතයින් හඳුනාගෙන තිබේ. මෙලෙස හඳුනාගත් කොරෝනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු සොයා බලමින් සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසී ය. කොරෝනා ආසාදනය වූ දිවුලපිටිය ප්‍රදේශයේ 39 හැවිරිදි කාන්තාවක ඊයේ IDH රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව අදාළ කාන්තාවගේ දියණියට ත් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසු ඇය ද IDH රෝහලට ඇතුළත් කෙරිණ. මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.