වේයන්ගොඩට නිරෝධායන ඇඳිරි නීතිය

වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පනවයි

by Staff writer 04-10-2020 | 8:58 PM

COLOMBO ( News 1st ) : ගම්පහ දිස්ත්‍රික්කයේ, වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයටත් නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. ‍ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා විසින් නිරෝධායන සහ රෝග වැළැක්වීමේ නීතියට ප්‍රකාරව මෙය ක්‍රියාත්මක කළ බව ඔහු පවසයි.

ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ. නිරෝධායන ඇඳිරි නීතියට ගරු කරමින් කටයුතු කරන්නැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.   https://www.facebook.com/NewsfirstSL/videos/682682575694067/