by Staff writer 04-10-2020 | 4:38 PM
COLOMBO ( News 1st ) : ආසන සංඛ්‍යාවට පමණක් බස් රථවල මගීන් ප්‍රවාහනය කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ.
එහි සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා සඳහන් කළේ, කොරෝනා වසංගතයත් සමග ලබාදුන් සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුව එම තීරණය ගත් බවයි.
මුව ආවරණ නොපළඳින පුද්ගලයින් බස් රථවලට ඇතුළු කර නොගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ ය.
සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුව ප්‍රවාහන කටයුතු ක්‍රියාත්මක කරන්නැයි සියලු නිලධාරීන්ට උපදෙස් දුන් බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.