දිවුලපිටියේ කාන්තාවගේ දියණියටත් කොරෝනා..

දිවුලපිටියේ කොරෝනා ආසාදිත කාන්තාවගේ දියණියටත් කොරෝනා

by Staff writer 04-10-2020 | 5:40 PM

COLOMBO ( News 1st ) : දිවුලපිටියේ කොරෝනා ආසාදිත කාන්තාවගේ දියණියටත් කොරෝනා ආසාදනය වී ඇතැයි යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

39 හැවිරිදි ඇයගේ මවට කොරෝනා වැළඳී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද උදෑසන නිවේදනය කළේය. ඇය මේ වනවිට කොළඹ, IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. එලෙස කාන්තාවකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය ද පනවා තිබේ. එබැවින් එම ප්‍රදේශවලට ඇතුළුවීම, පිටවීම හා එම ප්‍රදේශ හරහා ගමන් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බව වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේය.